ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් භූ චලනයක්

ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් මැග්නිටියුඩ් ඒකක 5.5ක භූ චලනයක්

by Staff writer 01-09-2018 | 12:42 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉන්දීය සාගරයේ මැග්නිටියුඩ් ඒකක 5.5ක භූ චලනයක් සිදුව තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් එම භූ චලනය සිදුව ඇති බව ය. ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.