ගජමුතු තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

ගජමුතු තොගයක් සමගින් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 01-09-2018 | 5:33 PM

COLOMBO (News 1st) - පොළොන්නරුව සිරිපුර ප්‍රදේශය් දී ගජමුතු 12 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් බිබිල, නව මැදගම, හෙට්ටිපොළ සහ හසලක ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් සන්තකයේ තිබී ගජමුතු අළෙවියෙන් ලබා ගත්තා යැයි සැක කරන රුපියල් දෙලක්ෂ අනූදහස් පන්සියයක මුදලක් සහ ඔවුන් පැමිණි ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.