අමෙරිකාව පලස්තීන සරණාගතයින්ට දෙන ආධාර අත්හිටුවයි

අමෙරිකාව පලස්තීන සරණාගතයින්ට ලබා දෙන ආධාර අත්හිටුවයි

by Staff writer 01-09-2018 | 8:54 AM
(News 1st) - එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයට ලබා දෙන සියලු ආධාර කපා හැරීමට අමෙරිකාව තීරණය කර තිබේ. අන්රා නමින් හඳුන්වන මෙම ආයතනය පලස්තීන සරණාගතයින් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති විශාලතම සරණාගත ආයතනය යි. 1949 වසරේ දෙසැම්බර් 8 වන දා ස්ථාපිත කරන ලද එහි ලියාපදිංචිය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5කි. අමෙරිකාව පවසන්නේ, අන්රා සරණාගත ආයතනය වෙනුවෙන් ලබා දෙන ආධාරවලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ජනවාරි මාසයේ සිට නතර කරන බව ය. එය පලස්තීන ජනතාවට එරෙහි ප්‍රබල ප්‍රහාරයක් බව ඊට ප්‍රතිචාර දක්වමින් පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් සඳහන් කළේ ය.