ලසිත් මාලිංග යළි ත් සංචිතයට

ලසිත් මාලිංග යළි ත් සංචිතයට

by Staff writer 01-09-2018 | 10:38 PM

COLOMBO (News 1st) - එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මලිංග නම් කර තිබේ.

නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් ය. ලසිත් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ වසරකට පසුවයි. ආසියානු කුසලානයට තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් වේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත වේ.