රු. ලක්ෂ 88ක් වටිනා හෙරොයින් සමග කඩවතදී පුද්ගලයෙකු අත්අඩංගුවට

රු. ලක්ෂ 88ක් වටිනා හෙරොයින් සමග කඩවතදී පුද්ගලයෙකු අත්අඩංගුවට

රු. ලක්ෂ 88ක් වටිනා හෙරොයින් සමග කඩවතදී පුද්ගලයෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

01 Sep, 2018 | 7:38 am

COLOMBO (News 1st) – රුපියල් ලක්ෂ 88ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කඩවත, මංකඩ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 740 යි මිලිග්‍රෑම් 145කි.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ පරීක්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී රුපියල් 233,920ක මුදලක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

ඡායාරූප – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය