හදිසි අනතුරුවලින් වසරකට 10,000ක් මිය යන බවට වාර්තා

හදිසි අනතුරුවලින් වසරකට 10,000 ක් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

by Staff writer 31-08-2018 | 8:36 AM

COLOMBO (News 1st) - හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 10,000 ක් පමණ මිය යන බව අනාවරණය වී තිබේ.

ඒ, හදිසි අනතුරු වැළැක්වීමේ හා කළමනාකරණය කිරීමේ ජාතික සැලැස්ම එළිදැක්වීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, හදිසි අනතුරු හේතුවෙන් මියයන වැඩි පිරිස තරුණයින් බවයි.