රෝයි සිල්වාගේ සිනමා දිවිය ගැන ග්‍රන්ථයක් එළිදැක්වේ

රෝයි ද සිල්වාගේ සිනමා දිවිය පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වෙයි

by Staff writer 31-08-2018 | 11:46 AM

COLOMBO (News 1st) - ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන අභාවප්‍රාප්ත රෝයි ද සිල්වා මහතාගේ සිනමා දිවිය පිළිබඳ ග්‍රන්ථයක් අද එළි දැක්වේ.

ඒ, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ය. ඊයේ දිනට යෙදී තිබුණු රෝයි ද සිල්වා මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන මෙම උළෙලේ ප්‍රධාන දේශනය ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා විසින් සිදු කරනු ලැබේ.