රජරට සරසවියේ මිහින්තලාය පරිශ්‍රය තාවකාලික වසා දැමේ

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය තාවකාලිකව වසා දැමෙයි

by Staff writer 31-08-2018 | 12:07 PM

COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා පැවසුවේ, සැප්තැම්බර් 03 වන දා පැවැත්වීමට නියමිතව තිබූ විභාග ද දින නියමයක් නොමැතිව කල් දමන බවයි. මෙම තීරණය ගෙන ඇත්තේ පවතින නියඟය හේතුවෙන් නේවාසිකාගාරවලට ජලය සැපයීමට නොහැකි බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම්දීම හේතුවෙනි. පැපොල රෝගය පැතිර යෑම හේතුවෙන් පසුගිය 08 වන දා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමිණි. විභාග කටයුතු සඳහා සැප්තැබ්මර් 03 වන දා විශ්වවිද්‍යාලය විවෘත කිරීමට සැලසුම් කළ ද දින නියමයක් නොමැති එය වසා දැමීමට අද යළි තීරණය කර තිබේ.