යාල වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ

යාල ජාතික වනෝද්‍යානය හෙට සිට තාවකාලිකව වසා දැමෙයි

by Staff writer 31-08-2018 | 6:23 AM

COLOMBO (News 1st) - යාල ජාතික වනෝද්‍යානය හෙට සිට මාස 2 ක කාලයක් සඳහා වසා තැබේ.

පවතින වියළි කාලගුණය සහ වනජීවින්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, එම කාලසීමාව තුළ සංචාරක නිවාස අලුත්වැඩියාව සහ අනෙක් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කරන බවයි. මේ අනූව යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 හෙවත් පලටුපාන පිවිසුම වසා දැමෙනු ඇති. වනෝද්‍යානය නොවැම්බර් පළමු වැනිදා සිට සංචාරකයින් සඳහා නැවත විවෘත කරන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ ය.