මහපොළ, ලලිත් ඇතුලත්මුදලි අරමුදල ලෙස නම් කෙරේ

මහපොළ අරමුදල ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව අරමුදල ලෙස නම් කෙරෙයි

by Staff writer 31-08-2018 | 12:28 PM

COLOMBO (News 1st) - මහපොළ අරමුදල, ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව අරමුදල ලෙස නම් කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. අමාත්‍යවරයා සඳහන් කළේ මහපොළ අරමුදල් පොදු දේපොළ පනත යටතට ගැනීමටත් තීරණය කර ඇති බවයි. දැනට සමාගම් දෙකක් යටතේ ආයෝජනය කෙරෙන මහපොළ අරමුදල් ඉන් ඉවත් කර රාජ්‍ය බැංකුවල තැන්පත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. අදාළ සමාගම්වල ආයෝජනය කිරීම හේතුවෙන් රුපියල් මිලියන 2500 ක පමණ පාඩුවක් සිදු ව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.