ඩිලන්ත ප්‍රනාන්දු දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරයට

නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩිලන්ත ප්‍රනාන්දු පත් කෙරේ

by Staff writer 31-08-2018 | 5:05 PM
COLOMBO (News 1st) - නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ, හෙට ඔහු වැඩ භාර ගන්නා බව ය. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන මහානාම අබේවික්‍රම මහතා අද සිය ධූරයෙන් විශ්‍රාම ගනු ලබයි.