ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් වන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක් !

ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් වන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක් !

ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් වන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක් !

කර්තෘ Staff writer

31 Aug, 2018 | 8:50 am

ලෝක වෙළෙඳ සංවිධානයෙන් තම රට ඉවත් කරගන්නා බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඒ, එම සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්තීන් හා ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තීන් අතර පවතින පරස්පරතා හේතුවෙනි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ලෝක වෙළෙඳ සංවිධානය අමෙරිකාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකරයේ වෙනසක් සිදු නොවන්නේ නම් ඉදිරියේදී එම සංවිධානයෙන් ඉවත්වන බවයි.

ගෝලීය ආර්ථික ප්‍රතිපත්තීන් සැකසීම හා රටවල් අතර ආර්ථික ගැටලු නිරාකරණය සඳහා ලෝක වෙළෙඳ සංවිධානය පිහිටුවා ඇත.