කාබනික වගාවේ නිරත ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

කාබනික වගාවේ නිරත ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

කාබනික වගාවේ නිරත ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

කර්තෘ Staff writer

31 Aug, 2018 | 6:51 am

COLOMBO (News 1st) – කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ එය නිකුත් කළ බවයි.

කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට හෙක්ටයාරයකට හිමිවන මුදල රුපියල් 18,000 කි.

මේ අනූව එක් ගොවියෙකුට හෙක්ටයාර දෙකක බිම් ප්‍රමාණයක් වගා කළ හැකියි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, එක් ගොවියෙකුට රුපියල් 36,000 ක උපරිම මුදලක් ලබාදෙන බවයි.

එම ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු අතර පසුව ඔවුන්ගේ මුදල් අදාළ බැංකු ගිණුමට බැර කරනු ලබන බව අමාත්‍යාවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය