මහපොළ අරමුදල් අවභාවිත වූ ආකාරය

මහපොළ අරමුදලත් බැඳුම්කරයට නොදෙවෙනි තවත් වංචාවකට නතු වෙයි ද?

by Staff writer 30-08-2018 | 9:42 PM
COLOMBO (News 1st) - මහපොළ ශිෂ්‍යාධාර අරමුදල පිළිබඳව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සාකච්ඡා විය. මෙහිදී අනාවරණය වුණේ, මහපොළ ශිෂ්‍යාධාර අරමුදල ශක්තිමත් කිරීමේ අරමුණින් පිහිටුවා ඇති සමාගම් දෙකේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් මහපොළ අරමුදලට අවාසි දායක තත්ත්වයක් ඇති වී තිබෙන බව ය. මේ හේතුවෙන් එම අරමුදල සතු ආයෝජනය විධිමත් කිරීම සඳහා අදාළ සමාගම් දෙක ඈවර කර එම අරමුදල සතු සියලු මුදල් රජයේ බැංකු සහ මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය. මේ අතර මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ නාමය ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේ ය. උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේදී මහපොළ අරමුදල පිළිබඳව පෙන්වා දෙමින් පවසා ඇත්තේ, ආයෝජන කිරීමේදී ගත් වැරදි තීරණ හේතුවෙන් මහපොළ ශිෂ්‍යාධාර අරමුදලට රුපියල් බිලියන 2.5ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව ය. මහපොළ අරමුදල් සමාගම් හරහා අවභාවිත වූ ආකාරය ගැන තවත් අනාවරණයක් මේ....