නාමල් ඇතුළු 27කට එරෙහි නඩුව කල් යයි

නාමල් ඇතුළු 27 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ මැයි දක්වා කල් යයි

by Staff writer 30-08-2018 | 4:39 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් 27 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ මැයි මස 30 වන දා දක්වා කල් තැබිණි. එම නඩුව පවරා ඇත්තේ, හම්බන්තොට පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශිය හා පොදු දේපළවලට හානි කිරීම යන චෝදනා යටතේ ය. නඩුව හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් ජේ.ඒ.එස්.එන්. ජයසූරිය මහතා හමුවේ අද කැඳවනු ලැබුවේ ය. නීතිපති උපදෙස් ලබා ගන්නා තෙක් නඩුව කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය. සහකාර පොලිස් අධිකාරී නීල් දළුවත්ත මහතා විසින් මාධ්‍යවේදියෙකුට පහර දීම පිළිබඳව අධිකරණය පොලීසියෙන් කරුණු විමසා සිටියේ ය. එහිදී පොලීසිය කියා සිටියේ, සහකාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව වෙනම නඩුවක් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති බව ය.