ක්‍රිකට් නිලවරණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබන වසරේ පෙබරවාරි දක්වා කල් දෙයි

ක්‍රිකට් නිලවරණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබන වසරේ පෙබරවාරි දක්වා කල් දෙයි

කර්තෘ Staff writer

30 Aug, 2018 | 9:00 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ලබන වසරේ පෙබරවාරි මස 9 වන දා දක්වා කල් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග පැවැති සාකච්ඡාව පිළිබඳව ස්පෝර්ට්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වඩාත් සුදුසු ක්‍රියාවලියයි.

ජයග්‍රහණය කරා ක්‍රීඩාව මෙහෙයවීමට හැකි අයුරින් දේශපාලනය ක්‍රීඩාවෙන් ඈත් කළ හැකි පරිදි ක්‍රීඩා පනත ද සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවක් නොවන්නේ ද?