ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය පතයි

ආර්ථික අර්බුධය හමුවේ ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතයි

by Staff writer 30-08-2018 | 7:53 AM

දිනෙන් දින උත්සන්න වන ආර්ථික අර්බුධය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 50 ණය මුදලක් ඉල්ලීමට ආජන්ටිනාව පියවර ගනු ලැබුවේ ය.

ජනාධිපති මවුරිසියෝ මැක්‍රි සඳහන් කළේ, ආර්ජන්ටිනා ආර්ථිකය පිළිබඳ විශ්වාසය යළි ඇති කිරීම මෙහි අරමුණ බවයි. ආජන්ටිනාවේ උද්ධමනය මේ වනවිට ඉතා ඉහළ අගයක් ගෙන ඇති අතර එරට මුදල් ඒකකය වන පේසෝ හි අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 40 % කට වඩා වැඩි අගයකින් පහත වැටී ඇත. මෙම දුෂ්කර අවස්ථාවේ ආජන්ටිනාවට සහය දීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලැගාර්ඩ් ප්‍රකාශ කළේ ය. කෙසේවෙතත් ආජන්ටිනාව මෙම විශාල ණය මුදල ගෙවීමට අපොහොසත් වනු ඇතැයි ආයෝජකයන් බිය පළ කරනු ඇත.