The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ

The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ

by Staff writer 29-08-2018 | 9:00 AM
(News 1st) - ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වේ. එහි නිෂ්පාදකයින් පවසන්නේ, මීට පෙර තිරගත වූ ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාව සේම නව චිත්‍රපටයට ද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනු ඇති බව ය. විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූ, ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටයට බොයිඩ් හෝල්බෘක්, ජෙකෝබ් ට්‍රෙම්බ්ලේ ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වනු ඇති. ද ප්‍රෙඩේටර්, සුපිරි හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ශේන් බ්ලැක්ගේ අධ්‍යක්ෂණයකි.