News 1st සුමති සම්මානයෙන් පිදුම් ලබයි

News 1st සුමති සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලබයි

by Staff writer 29-08-2018 | 10:19 PM
COLOMBO (News 1st) : 23 වැනි සුමති සම්මාන උළෙලේදී News 1st සහ සිරස TV සම්මානවලින් පිදුම් ලැබී ය. කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සම්මාන උළෙල පැවැත්වුණේ, නෙළුම් පොකුණ රගහලේදීයි. සම්මාන උළෙලේදී වසරේ හොඳ ම ප්‍රවෘත්ති නිවේදක, 2 වැනි ස්ථානයට හිමි සම්මානය News 1stහි අමිල මුණසිංහට හිමිවිය. වසරේ හොඳ ම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස හිරු ටීවි හි අනුරුද්ධ රත්නායක සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකා නිෂාධි රුවන්වැලිට තෙවන ස්ථානය හිමිවූහ. 2017 වසරේ හොඳ ම සංගීත වැඩසටහන් අධ්‍යක්ෂණය වෙනුවෙන් සිරස ටීවිහි කුමුදු අභයධීර සම්මානයට පාත්‍ර විය. ඒ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විකාශය වූ රජගෙදර නාඩගම සංගීත වැඩසටහන වෙනුවෙනි.