මැණික් තොගයක් සමග තිදෙනෙකු රේගු භාරයට

රු. ලක්ෂ 49ක් වටිනා මැණික් තොගයක් සමග තිදෙනෙකු රේගු භාරයට

by Staff writer 29-08-2018 | 11:17 AM
COLOMBO (News 1st) - නීති විරෝධීව මැණික් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කළ විදේශීය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු විදේශිකයෙකු ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, එහි වටිනාකම රුපියල් හතලිස් නම ලක්ෂ දහතුන් දහස් හයසියයක් වන බව ය. රේගුව භාරයට ගැනුණු මැණික්වල බර කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම්440කි. චීනයේ සිට ඊයේ රාත්‍රියේ ආදාළ සැකකරුවන් මෙරටට පැමිණි ඇති අතර ඔවුන් 27, 29 සහ 37 යන වයස්වල පසුවන බව ද විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේ ය.