මින්නේරිය සිද්ධියට අදාළව තවත් 10ක් අත්අඩංගුවට

මින්නේරියේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 10ක් අත්අඩංගුවට: ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුත් ඒ අතර

by Staff writer 29-08-2018 | 8:23 AM
COLOMBO (News 1st) - මින්නේරිය වනෝද්‍යානයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඒ අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ද වන බව ය. සැකකරුවන් අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ද සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. මේ අතර පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වනජීවී නිලධාරීහු මේ වනවිට ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වී සිටිති.