මින්නේරියේ පහරදීම: සැකකරුවන් 10ක් අත්අඩංගුවට

මින්නේරියේ පහරදීම: සැකකරුවන් 11 දෙනා 11 තෙක් රිමාන්ඩ්

by Staff writer 29-08-2018 | 4:05 PM
COLOMBO (News 1st) : මින්නේරිය වනෝද්‍යානයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනෙකු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද පෙරවරුවේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් එන්. එස්. ජී. සනත් නානයක්කාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එම සැකකරුවන් අතර හිඟුරක්ගොඩ ප්‍රදේශීය සභාවේ පොදු ජන පෙරමුණ නියොජනය කරන මන්ත්‍රීවරයෙකු ද සිටී. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මේ අතර සමස්ත ලංකා වන ජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික වසන්ත පීරිස් මහතා සඳහන් කළේ, පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස තම සාමාජිකයින් ආරම්භ කළ ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිට වූ බවයි. ඒ අනුව සාමාන්‍ය පරිදි තම රාජකාරි සිදු කරන බව ද ඔහු පැවසී ය.