හමුදා නිලධාරීන් 30කට උසස් වීම්

බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකු සහ ලුතිනන් කර්නල්වරුන් 25කට උසස් වීම්

by Staff writer 29-08-2018 | 9:16 AM
COLOMBO (News 1st) - බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකු සහ ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකුට උසස් වීම් ලබා දීමට ජනාධිපතිතුමා පියවර ගෙන තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ, බ්‍රිගේඩියර්වරුන් 5 දෙනා මේජර් ජනරාල් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන්, කර්නල් නිලයටත් උසස් කර ඇති බව ය. උසස් වීම් ලැබූ බ්‍රිගේඩියර්වරුන් අතර යුද්ධයේදී ආබාධිත වූ බ්‍රිගේඩියර්වරුන් 4 දෙනෙකු ද වේ. ඒ, ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ ඩී.ජී.අයි.පී. ගමගේ, සිංහ රෙජිමේන්තුවේ රජීව වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජේ.ආර්. අම්පේමොහොට්ටි සහ ගැමුණු රෙජිමේන්තුවේ ඩබ්ලිව්.එච්.එම්. මණතුංග යන මහත්වරුන් ය. මීට අමතරව දැනට සක්‍රීය සේවයේ නිරත වී.ඒ.ටී.එන්. දෙමටන්පිටිය මහතා ද මේජර් ජනරාල් නිලයට උසස් වීම් ලද බ්‍රිගේඩිර්වරුන් අතර වේ.