තේ දළු මිල පහළට

තේ දළු මිල පහළට

by Staff writer 29-08-2018 | 9:26 AM
COLOMBO (News 1st) - තේ දළු මිල පහළ ගොස් තිබේ. තේ වගාකරුවන් පවසන්නේ, මීට මාස කිහිපයකට පෙර රුපියල් 100කටත් ඉහළ මිලකට පැවති අමු තේ දළු මිල මේ වන විට රුපියල් 80ක මට්ටමක් දක්වා ඇතැම් ප්‍රදේශවල පහළ ගොස් ඇති බව ය. මේ හේතුවෙන් තමන් යළිත් වරක් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇති බව තේ වගාකරුවන් පවසයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි කොමසාරිස් ජනරාල් ජයන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, ඉරානයට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක හමුවේ මෙම මිල පහළ යාම සිදුව ඇති බව ය. මෙම තත්ත්වයට විසඳුම් ලබා දීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බව ද ඔහු පැවසුවේ ය.