ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන යළි රිමාන්ඩ්

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන යළි රිමාන්ඩ්

by Staff writer 29-08-2018 | 2:39 PM
COLOMBO (News 1st) - තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙ‍න් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා ලබන මස 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය. එහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතාට සැඟව සිටීමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කුමන ආකාරයකින් හෝ ආධාර අනුබල දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය. නඩුව ලබන 12 වන දා දක්වා කල් තැබිණි.