ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

by Staff writer 29-08-2018 | 7:04 AM
COLOMBO (News 1st)  1. දරුවෙකු මිය යාමත් සමග මහනුවර ගලහ රෝහලේ ඇති වූ නොසන්සුන්තාව සම්පූර්ණයෙන් පාලනය කර තිබේ. 2. සිංගප්පූරු – ශ්‍රී ලංකා ගිවිසුම හරහා කිසිදු ආකාරයකින් මෙරටට වෙනත් රටවල අපද්‍රව්‍ය ඒමක් සිදු නොවන බවට ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය තහවුරු කර තිබේ. 3. පළාත් සභා සීමා නීර්ණ වාර්තාව සමාලෝචනය කිරීමට අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් කථානායක කරු ජයසූරිය මහතා ඊයේ පත් කළේ ය. 4. මින්නේරිය ජාතික වනෝද්‍යානය යළි විවෘත කර තිබේ. 5. ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව, ලබන සැප්තැම්බර් 26 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු S. ශෂී මහේන්ද්‍රන් මහතා ඊයේ නියෝග කළේ ය. විදෙස් පුවත් 6. අභාවප්‍රාප්ත අමරිකානු ජනපතිවරණ අපේක්ෂකයෙකු හා සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද උදෑසන 10ට ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදු කිරීමට නියමිත ය.