ගෝඨාභය රාජපක්ෂ CID නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දෙයි

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලංකන් හා මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් දෙයි

by Staff writer 29-08-2018 | 11:04 AM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන මිහින් ලංකා හා ශ්‍රීලංකන් ගුවන් සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමට අනියුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දුන්නේ ය. ඒ, පසුගියදා ඔහුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ සිතාසියකට අනුව ය. මීට අමතරව මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද ජනාධිපති විමර්ශන කොමිසමට අනියුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දීමට පැමිණියේ ය.