සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ අවසන් කටයුතු හෙට

සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ අවසන් කටයුතු හෙට

by Staff writer 28-08-2018 | 6:27 AM
News 1st : අභාවප්‍රාප්ත අමරිකානු ජනපතිවරණ අපේක්ෂකයෙකු හා සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට උදෑසන 10 ට ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදුකිරීමට නියමිතයි. ජෝන් මැකේන්ගේ 82 වැනි උපන් දිනය ද හෙටට යෙදී තිබීම කාගේත් සිත් සසල කරන සිදුවීමක් වී තිබේ. ජෝන් මැකේන්ට ගෞරව කිරීමක් වශයෙන් ධවල මන්දිරයේ අමෙරිකානු ධජය අඩකුඹු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇතත්, ජෝන් මැකේන්ගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපතිවරයා සහභාගි නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මොළයේ පිළිකාවක් හේතුවෙන් කලක් රෝගාතුරව සිටි අමෙරිකානු සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන් වියට්නාම යුද්ධයට නායකත්වය දුන් ප්‍රබල යුද සෙන්පතියෙකි.