ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ

ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ ප්‍රකාශයට පත්කෙරේ

by Staff writer 28-08-2018 | 11:49 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ නාමාවලිය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පද්මිනී සෙනවිරත්නගේ වරණ, ජයතිලක කම්මැල්ලවීරගේ චක්‍ර, සමන් වික්‍රමාරච්චිගේ අප්පච්චී ඇවිත් යන ග්‍රන්ථ ඒ සඳහා තේරී පත්ව තිබේ. ඊට අමතරව දර්ශනා ශම්මි විජේතිලකගේ අසනඟ වැසි, විමල් උදය හපුගොඩආරච්චිගේ යකඩ සිල්පර යන ග්‍රන්ථ ද අවසන් වටයට ඇතුළත්ව තිබේ. 2018 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ලබන 15 වන දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.