ලොකු ලූනු ගොවීන් වගාවෙන් ඈත් වීමේ අවදානමක්

ලොකු ලූනු ගොවීන් වගාවෙන් ඈත් වීමේ අවදානමක්

by Sagarika Chathumali 28-08-2018 | 8:47 AM
COLOMBO (News 1st) : අස්වනු සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන්, ලොකු ලූනු වගාවෙන් ඈත් වීමේ අවදානමක් මතුව තිබේ. නියඟයේ සහ වර්ෂාවේ බලපෑම, රජය ලූනු ආයනයනය කිරීම මෙන්ම නිෂ්පාදන වියදම් අධික වීම ද ඊට බලපා තිබේ. පසුගිය කන්නවලට සාපේක්ෂව මෙවර යල කන්නයේ වගාකර ඇති ලොකු ලූනු ප්‍රමාණය දෙගුණයකින් අඩුවී ඇතැයි අප වාර්තාකරුවෝ සඳහන් කළහ.