මීගහකිවුලලේ පාලමක් අසල මළ සිරුරක්

මීගහකිවුලලේ පාලමක් අසල මළ සිරුරක්

by Staff writer 28-08-2018 | 11:21 AM
COLOMBO (News 1st) : බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ තිබී අත් පා බැඳ තබන ලද මළ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ, කන්දෙකැටිය මොරහෙල මොරගොල්ල පාලම අසළ තිබී මළ සිරුර සොයා ගත් බවයි. මිය ගිය පුද්ගලයා පසුගිය 24 වනදා සිට අතුරුදන්ව සිටි අයෙකි. ඔහු මීගහකිවුල ප්‍රදේශයේ ම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.