මින්නේරියේ පහරදීම දුරදිගයයි

මින්නේරිය වනජීවි නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය දුරදිග යයි

by Staff writer 28-08-2018 | 12:28 PM
COLOMBO (News 1st) : මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට කළ පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින් පොළොන්නරුව කලාපයේ වනජීවි නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. වනජීවී නිලධාරීන් සඳහන් කළේ, මේ හේතුවෙන් කවුඩුල්ල, මින්නේරිය, වස්ගමුව සහ අංගම්මැඬිල්ල යන වනෝද්‍යානයවලට සංචාරකයින් ඇතුළු කර ගැනීම නතර කර ඇති බවයි. මේ අනූව කේෂත්‍ර කටයුතුවලින් සහ සංචාරක සේවාවලින් ඉවත්ව කාර්යාල සේවාවල පමණක් නිතර වන බව කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරු සඳහන් කළේ ය. පෙරේදා රාත්‍රියේ ධීවරයින් පිරිසක් කළ පහරදීමකින් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් සිව් දෙනෙක් තුවාල ලැබූහ. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අතරින් තිදෙනෙකු තවදුරටත් හබරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී පවතින නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පෙරේදා වනජීවී නිලධාරීන් ධීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබිණ. පසුව වනජීවී කාර්යාලයට කඩා වැදුණු තවත් ධීවරයින් පිරිසක් නිලධාරීන්ට පහර දී අදාළ ධීවරයා රැගෙන ගොස් ඇතැයි, වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඉන්, වනජීවී නිලධාරීන් 10 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ඉන් සිව් දෙනෙකු රෝහල්ගත කෙරිණ. https://www.youtube.com/watch?v=r_nR9Q7-rTE