දිවයිනට ආසන්නයෙන් ඉර මුදුන් වෙයි

දිවයිනට ආසන්නයෙන් ඉර මුදුන් වෙයි

by Staff writer 28-08-2018 | 1:06 PM
COLOMBO (News 1st) : සූර්යයා, ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඉහළින් අද සිට සෘජුව මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 7 වන දා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ සෘජුව පවතින බවයි. මේ අනුව කලපුමී, කෝන්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට ඉහළ අහසේ අද සූර්යයා මුදුන් වනු ඇති. මේ අතර ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වලට පස්වරුවේ මිලිමීටර් 50 ක පමණ වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.