දිනකට කාන්තාවන් 100ක් සංචාරක වීසා මගින් මැදපෙරදිගට

දිනකට කාන්තාවන් 100ක් සංචාරක වීසා මගින් මැදපෙරදිගට

by Staff writer 28-08-2018 | 8:32 AM
COLOMBO (News 1st) : දෛනිකව මෙරට කාන්තාවන් සිය දෙනෙකු සංචාරක වීසා ලබාගෙන මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යන බව රජය පවසයි. විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ, ඉන් බහුතරයක් වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මව්වරුන් බවයි. වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදෙස් රටවලට යැවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත්කර තිබේ. එම කමිටු වාර්තාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.