ජපන් විදේශ අමාත්‍ය නකානේ අද දිවයිනට

ජපන් විදේශ අමාත්‍ය නකානේ අද දිවයිනට

by Staff writer 28-08-2018 | 7:12 AM
COLOMBO (News 1st): ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා අද දිවයිනට පැමිණෙයි. ජපන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ ඔහු තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන බවයි. රාජ්‍ය අමාත්‍ය නකානේ මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට නියමිතව තිබේ. දෙරටේ ද්වි පාර්ශික සබඳතා තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ අනිකුත් නායකයින් හමුවීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් ය. මෙම සංචාරය මගින් ශ්‍රීලංකාව සහ ජපානය අතර පවතින පුළුල් සම්බන්ධතාවය තවදුරටත් තහවුරුවේ යැයි ජපන් තනාපති කාර්යාලය අපේක්ෂා කරයි. එම සංචාරය තුළදී අද දිනයේ ජපන් රජයේ ආධාර යටතේ කොළඹ වරායේදී නාවික මුර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාව වෙත පිරිනැමිමට නියමිතයි. එම යාත්‍රා 2 ක මෙරට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරිමට නියමිතව තිබේ. ජපන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකා සංචාරයක් අරඹන්නේ, ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොදෙරා මහතා මෙරටට දෙදින සංචාරයක් අවසන් කර දින 05කට පසුව වීම විශේෂත්වයකි. එම සංචාරය අතුරතුර ජපන් ආරක්ෂක අමාත්‍යවරයා ත්‍රිකුණාමලය හා හම්බන්තොට වරායන්හි ද සංචාරය කළේ ය.