ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයෙක් මියයයි

ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයෙක් මියයයි

by Staff writer 28-08-2018 | 9:06 AM
COLOMBO (News 1st) : ධනුෂ්ක- 3 නමැති බහුදින යාත්‍රාවේ සිටි ධීවරයෙකු මියගොස් ඇතැයි, ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, එම යාත්‍රාව පසුගිය 21 වන දා ගාල්ලෙන් මුහුදු ගොස් ඇති බවයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඔහුගේ මෘත දේහය, ගාලු වරායට රැගෙන එමින් ඇතැයි ද පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය. මේ අතර ජුලි මස 28 වන දා වත්තල දික්ඕවිට වරායෙන් 6 දෙනෙකු සමඟ මුහුදු ගිය නිමේෂා දුව නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් ඇද වැටීමෙන් ධීවරයෙකු බරපතළ තුවාල ලබා තිබේ. ඔහු අනතුරට ලක්ව ඇත්තේ, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ මසුන් අල්ලමින් සිටියදීයි. අදාළ ධීවරයාට ප්‍රතිකාර කිරීම සඳහා සහය වන්නැයි ඉන්දීය රජයට දැනුම් දී ඇතැයි ද පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය.