ගලහ රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක්

ගලහ රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක්

by Staff writer 28-08-2018 | 1:13 PM
COLOMBO (News 1st): මහනුවර ගලහ රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියකින් පසු රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, 500 ක පමණ පිරිසක් මේ වන විට රෝහල් පරිශ්‍රය වට කරගෙන සිටින බවයි. විරෝධතාකරුවන් රෝහලේ ගොඩනැගිලිවලට හා වාහනවලට හානි කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ වන විට රෝහලේ ආරක්ෂාව සඳහා පොලිසීය කැඳවා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, මේ වන විටත් රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වය පවතින බවයි. https://www.youtube.com/watch?v=_fVQTL7q-2Y