සීමා නීර්ණ වාර්තාව සමාලෝචනයට කමිටුවක් පත් කෙරේ

සීමා නීර්ණ වාර්තාව සමාලෝචනය කිරීමට අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ

by Staff writer 28-08-2018 | 6:55 PM
COLOMBO (News 1st) - පළාත් සභා සීමා නීර්ණ වාර්තාව සමාලෝචනය කිරීමට අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් කථානායක කරු ජයසූරිය මහතා අද පත් කළේ ය. ආර්.එම්.ඒ.එල්. රත්නායක, පෙරියසාමි මුත්තුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ සහ ආචාර්ය ඒ.එස්.එම්. නවුෆල් යන මහත්වරුන් කථානායකවරයා පත් කළ කමිටුවේ සාමාජිකයින් ය. අද සිට බලාත්මක වන පරිදි පළාත් සභා මැතිවරණ සංශෝධන පනතේ බලතල අනුව කමිටුව පත් කළ බව කථානායක කාර්යාලය නිවේදනය කළේ ය. මේ අතර සීමා නීර්ණ වාර්තාව සකස් කිරීම සඳහා රජය වැය කළ මුදල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළේ ය.