ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ ප්‍රකාශයට පත්කෙරේ

ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ ප්‍රකාශයට පත්කෙරේ

ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ ප්‍රකාශයට පත්කෙරේ

කර්තෘ Staff writer

28 Aug, 2018 | 11:49 am

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ නාමාවලිය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පද්මිනී සෙනවිරත්නගේ වරණ, ජයතිලක කම්මැල්ලවීරගේ චක්‍ර, සමන් වික්‍රමාරච්චිගේ අප්පච්චී ඇවිත් යන ග්‍රන්ථ ඒ සඳහා තේරී පත්ව තිබේ.

ඊට අමතරව දර්ශනා ශම්මි විජේතිලකගේ අසනඟ වැසි, විමල් උදය හපුගොඩආරච්චිගේ යකඩ සිල්පර යන ග්‍රන්ථ ද අවසන් වටයට ඇතුළත්ව තිබේ.

2018 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ලබන 15 වන දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]