ගලහ රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක්

ගලහ රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක්

ගලහ රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක්

කර්තෘ Staff writer

28 Aug, 2018 | 1:13 pm

COLOMBO (News 1st): මහනුවර ගලහ රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියකින් පසු රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, 500 ක පමණ පිරිසක් මේ වන විට රෝහල් පරිශ්‍රය වට කරගෙන සිටින බවයි.

විරෝධතාකරුවන් රෝහලේ ගොඩනැගිලිවලට හා වාහනවලට හානි කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මේ වන විට රෝහලේ ආරක්ෂාව සඳහා පොලිසීය කැඳවා තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මේ වන විටත් රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වය පවතින බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]