ගම්මැද්ද ගෙයින් ගෙට තෙවන ක්‍රියාන්විතය ඇරඹේ

ගම්මැද්ද ගෙයින් ගෙට තෙවන ක්‍රියාන්විතය ඇරඹේ

ගම්මැද්ද ගෙයින් ගෙට තෙවන ක්‍රියාන්විතය ඇරඹේ

කර්තෘ Staff writer

28 Aug, 2018 | 7:03 am

COLOMBO (News 1st) : මහජන ගැටලුවලට සංවේදී සැබෑ බලකායක අවශ්‍යතාව සපුරමින් ඇරඹුණු ගම්මැද්ද නැවතත් ගෙයින් ගෙට ගමන් කරන තුන්වැනි ක්‍රියාන්විතය සමගින් මහජනතාව හමුවට යාමට සූදානමින් සිටී.

ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන මින් පෙර දෙවරක් රට පුරා ක්‍රියාත්මක කෙරුණේ විසඳුම් නොමැති මහජන ගැටලු රැසක් හඳුනා ගනිමිනි.

ඉන් අනතුරුව ජනතාවගේම මූල්‍යාධාරවලින් එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ගම්මැද්ද කණ්ඩායමට හැකිවිය.

විවිධ ප්‍රදේශවල වැඩ අවසන් කෙරුණු ව්‍යාපෘති දෙස විමසුම් ඇස යොමු කරන විට එම ව්‍යාපෘතිවල සාර්ථකත්වය දැක ගත හැකියි.

දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිද්දෙන් අද සිට දින 20 ක් ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය , දියත් කෙරෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ද සම්බන්ධ කර ගනිමිනි.

අද වැඩසටහන ආරම්භ වන්නේ පුත්තලම, මඩකළපුව සහ මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමිනි.

ගම්මැද්ද ගෙයින් ගෙට තෙවන ක්‍රියාන්විතය ඇරඹෙයි

ගම්මැද්ද ගෙයින් ගෙට තෙවන ක්‍රියාන්විතය ඇරඹෙයි..#lka #News1st #Gammadda #DoorToDoor

Posted by Newsfirst.lk on Monday, August 27, 2018