උදය ගම්මන්පිලට එරෙහි නඩුව කල් යයි

උදය ගම්මන්පිලට එරෙහි නඩුව කල් යයි

උදය ගම්මන්පිලට එරෙහි නඩුව කල් යයි

කර්තෘ Staff writer

28 Aug, 2018 | 1:23 pm

COLOMBO (News 1st) : ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 20 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව, ලබන සැප්තැම්බර් 26 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු S. ශෂී මහේන්ද්‍රන් මහතා අද නියෝග කළේ ය.

ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.

එම නඩුවේ මුල් සාක්ෂි කිහිපය පූර්වගාමි විනිසුරු ආර් ගුරුසිංහ මහතා ඉදිරියේදී ලබාගෙන ඇති බැවින් ඉදිරි නඩු විභාගය සඳහා ද එම විනිසුරුවරයා පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරවයාගෙන් ඉල්ලීක් කර ඇතැයි එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අගවිනිසුරුවරයාගේ ස්ථාවරය දැනුම් දෙන තුරු නඩුව කල් තබන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]