පේරාදෙණිය ඉංජිනේරු පීඨය යළි විවෘතයි

පේරාදෙණිය ඉංජිනේරු පීඨය යළි විවෘතයි

by Staff writer 27-08-2018 | 9:11 AM
COLOMBO (News 1st) : සිසු ගැටුමක් හේතුවෙන් වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු අද ආරම්භ වේ. එහි උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ, සනාථන මණ්ඩලය සහ පීඨාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි අද සිට ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවයි. පසුගිය 20 වන දා වසා දැමුණු තවත් පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු ද ආරම්භ කෙරිණ. ඒ අනුව කළමනාකරණ, සම සෞඛ්‍ය, පශු වෛද්‍ය සහ ශාස්ත්‍ර පීඨයේ පළමු ,දෙවන සහ තෙවන වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරිණ. පැමිණීම සම්පුර්ණ නොකළ සිසුන් සිව් දෙනෙකුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් ඇරඹි සිසු විරෝධතාවක් හේතුවෙන් පසුගිය ජූලි මස 27 වන දා සිට මාස දෙකක් විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කළේ ය.