නිමාලි අද කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට

නිමාලි අද කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට

by Staff writer 27-08-2018 | 8:13 AM
COLOMBO (News 1st) : ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙල 18 වන වරටත් මේ දිනවලදී ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. අද තරග පැවැත්වෙන්නේ 9 වන දිනටයි. නිමාලි ලියනාරච්චි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක, කාන්තා මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වට අද සහභාගී වේ. ඉඳුනිල් හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 800 ධාවන තරග ඉසව්වේ මූලික තරගයකට සහභාගී වීමට නියමිතයි. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දින 8 ක් අවසන් වන විට චීනය, සමස්ත පදක්කම් සටහනේ පෙරමුණට පැමිණ සිටී. ඒ රන් පදක්කම් 78 ක් රිදී පදක්කම් 59 ක් හා ලෝකඩ පදක්කම් 37 ක් සමගින් සමස්ත පදක්කම් 174 ක් දිනා ගනිමිනි. එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 34 ක් හා ලෝකඩ පදක්කම් 48 සමගින් සමස්ත පදක්කම් 122 ක් හිමිකරගෙන සිටින ජපානයයි. සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානය කොරියාවට හිමිව තිබේ.