දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ බව ජනපති කියයි

දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ බව ජනපති කියයි

by Staff writer 27-08-2018 | 3:18 PM

COLOMBO (News 1st) - මෙරට පැවති දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණය පිළිබඳ ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බවයි. ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය. සියලු මැතිවරණ නිදහස්, සාධාරණ, නිහඬ හා ස්වාධීනව පවත්වා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වත්මන් රජයේ අරමුණ බව ද ජනාධිපතිතුමා සඳහන් කර ඇත. ආසියාතික රටවල නවතම වාර්තා අනූව ශ්‍රී ලංකාව අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ ඉතා ඉහළ තත්ත්වයකට පැමිණ ඇතැයි ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසා තිබේ.