ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 27-08-2018 | 6:46 AM

COLOMBO (News 1st)

දේශීය පුවත්....  

1. මාලිගාවත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක මරුට : මාලිගාවත්ත ජුම්මා හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. 2. වැලිකඩ ගැටුමට මුල බාහිර බලපෑමක්….? : වැලිකඩ බන්ධනාගාරයේ පසුගිය දා ඇතිවූ කළහකාරී සිදුවීම් බාහිර සංවිධානයක බලපෑම් මත සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසී ය. 3. සීමා නිර්ණ වාර්තාව සමාලෝචනයට කමිටුවක් : පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව ලබන අඟහරුවාදා හෝ එම සතිය තුළ පත්කිරීමට නියමිතව තිබේ. 4. ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන් වියන විවෘත කෙරේ : ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ද ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

විදෙස් පුවත්...

1. ජූලි බිෂොප් ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි :  ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය නව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට යොමුකර ඇති බවයි.

ක්‍රීඩා පුවත්....

1. කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට : ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමින් දකුණු කොරියාවේ පැවති කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.