අකුරැස්සේ වෙඩි තැබීමක්

අකුරැස්සේ වෙඩි තැබීමක්

by Staff writer 27-08-2018 | 9:21 AM
COLOMBO (News 1st) : අකුරැස්ස - ගාල්ල ප්‍රධාන මාර්ගයේ බෝධිරාජ විහාරස්ථානය ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා පළා ගොස් තිබේ. අද අලුයම 2ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ව්‍යාපාරියෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. අකුරැස්ස ප්‍රෙද්ශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා සිය බිරිඳගේ නිවසට යමින් සිටියදී සිද්ධියට මුහුණ දී තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.