ඉන්දීය සාගර සමුළුව හැනෝයිහිදී අද ඇරඹෙයි

ඉන්දීය සාගර සමුළුව හැනෝයිහිදී අද ඇරඹෙයි

by Staff writer 27-08-2018 | 7:33 AM
COLOMBO (News 1st) : 2018 ඉන්දීය සාගර සමුළුව වියට්නාමයේ හැනෝයි නුවරදී අද ආරම්භ වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එහි සමාරම්භක සැසිය ඇමතීමට නියමිතයි.. - කලාපීය නව හැඩ තල ගොඩනැංවීම - යන්න මෙවර සමුළුවේ තේමාවයි. මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව, වෙළඳ හා වාණිජ කටයුතු සහ පරිපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරනු ඇති. සිංගප්පූරුව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් ඇරඹි සමුළුවට කලාපීය රාජ්‍ය නායකයින්, මැති ඇමතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම විෂයගත ප්‍රවීණයින් ද සහභාගී විමට නියමිතයි. සමුළුවට සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වියට්නාමය බලා පිටත්ව ගිය කණ්ඩායමට 8 දෙනෙක් ඇතුළත් වෙති.