හොර සල්ලි අච්චු ගැසූ 5ක් අත්අඩංගුවට

හොර සල්ලි අච්චු ගැසූ 5ක් අත්අඩංගුවට

by Staff writer 26-08-2018 | 3:26 PM
COLOMBO (News 1st) : මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි. එහිදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 15 ක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අංඩගුවට ගැනිණ. ඔවුන් සමග ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ප්‍රින්ටරයක්, යතුරු ලියනයක් සහ ව්‍යාජ රබර් මුද්‍රා කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් 39, 41,33 සහ 37 හැවිරිදි වියේ පසුවන ලුනාව, කොරලවැල්ල, එගොඩඋයන සහ අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් ව්‍යාජ රාජ්‍ය සහතිකපත්, අධ්‍යාපන සහතික පත්ද මුද්‍රණය කර තිබෙන බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.