සීමා නිර්ණ වාර්තාව සමාලෝචනයට කමිටුවක්

සීමා නිර්ණ වාර්තාව සමාලෝචනයට කමිටුවක්

by Staff writer 26-08-2018 | 6:25 PM
COLOMBO (News 1st): පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව ලබන අඟහරුවාදා හෝ එම සතිය තුළ පත්කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කථානායකවරයා මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකරමින් සිටින බවයි. විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු, කථිකාචාර්යවරුන් දෙදෙනෙකු සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකුගේ නම් ඊට යෝජනා වී තිබේ. පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාව පෙරේදා පැවති ඡන්ද විමසීමේදී සම්මත නොවීය. ඒ අනුව පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව ව්‍යවස්ථානුකූලව යළි සමාලෝචනය සඳහා කථානායකවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කළ යුතුයි. සියලු ජනවර්ග නියෝජනය වන පරිදි කමිටුවට සාමාජිකයින් පත් කළ යුතු බව ව්‍යවස්ථාවෙන් දක්වා තිබේ. සමාලෝචන කමිටුව මාස දෙකක් තුළ සිය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කළ යුතුයි. අනතුරුව ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති.